කැටගොඩගේ පනතට එරෙහිව පැෆරල් උසාවි යයි

78

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති නගර සභා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කළ යුතු බවට නියම කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සහ නීතිපතිවරයා නම්කොට ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment