මහ බැංකු අධිපති නව බදු ගැන පවසයි

1984

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු සියයට 50ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමිනි.

2024 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල පොලිය සියයට 12.4 වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය සියයට 7.5 වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය සියයට 5ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

ඔහු මේ බව පැවසූවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති සාකච්ඡාවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment