60 න් ගෙදර යවන ගැසට්ටුව නිකුත් වෙයි

123

සියලුම රජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වු විට විශ්‍රාම ගත යුතු බව සඳහන් ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මෙම ගැසට් පත්‍රයට අනුව රජයේ සේවකයන් 2022 දෙසැම්බර් 31 වැනිදාට අවුරුදු 60 සම්පූර්ණ නම් විශ්‍රාම යා යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් පෙරේදා (05 දා) නිකුත් කර තිබේ.

බලයලත් නිලධාරියකු සේවයේ රඳවා ගැනීමට තීරණය කරන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස තීරණ කළ නිලධාරීන්ට මෙම ගැසට් පත්‍රය අදාළ නොමැති බවද එහි සඳහන්ව ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයින් 2/2022 චක්‍රලේඛය මගින් අවුරුදු 65 දක්වා විශ්‍රාම යෑමට දී තිබූ කාලය 2022 සැප්තැම්බර් 14 වැනිදා 19/2022 චක්‍රලේඛය මගින් අහෝසි කිරීම පාදක කරගෙන ඇමැතිවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment