තිලක් සී. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ

426

පොලිස් විශේෂ කාර්යංශ දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල මහතා 2024.02.29 වැනි දින ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

මාතර දෙයියන්දර ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් ද සහිතව සමත් වී 2001.02.01 දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට එක් වී ඇත.

කොළඹ, කුලියාපිටිය, වවුනියාව, තංගල්ල ආදී ප්‍රදේශවල හා පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ආදී කොට්ඨාශවල සේවය කර ඇත. මොහු 2007 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.

ඇ.එ.ජ., ඔස්ටේ්‍රලියාව, ජපානය, සිංගප්පූරුව, මහා බි්‍රතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බ්‍රසීලය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව ආදී රටවල පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට සහභාගි වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.

2013 වර්ෂයේ දී වසරක කාලයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවයේ ද රාජකාරි කර ඇත.

පොලිස් සේවය තුළ දී මේ දක්වා පොලිස් දක්ෂතා පදක්කම ඇතුළු පදක්කම් 9 ක් දිනාගෙන ඇත. අවස්ථා 10 ක දී පොලිස්පති ප්‍රශංසා හිමි කර ගෙන ඇත. මොහු සේවය කළ සේවා ස්ථාන අවස්ථා කිහිපයක ම ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබන්නට අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment