යාපනයේ සරසවි සිසුවිය ඩෙංගු මාරයාට දිවිදෙයි

180

ඩෙංගු උණ වැලඳී රෝහල්ගත කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් යාපනය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සිසුවිය ඩෙංගු උණ වැලඳීමෙන් අනතුරුව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් පමණ වන ගුණරත්නම් සුබිනා නමැති යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදු කොට ඇති අතර එහිදී ඇයට ඩෙංගු රෝගය හේතුවෙන් ලබාදුන් ඖෂධයක් හේතුවෙන් හටගත් ආසාත්මිකතාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.

මිය ගිය සිසුවියගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති අතර දේහය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කොට තිබේ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment