විකිරණ ප්‍රතිකාර ලේඛනය මාස 4 කට දික්වෙයි

154

අපේක්ෂා රෝහලේ රෝගී ජීවිත මරුකටේ

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ‘ලීනියර් ඇක්සලේටර්’ යන්ත්‍ර දෙකක සේවා බිඳවැටීමෙන් විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා මාස 04 කට ආසන්න පොරොත්තු ලේඛනයක් දිග්ගැසී ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම යන්ත්‍ර දෙක මෙලෙස සති දෙකක් තිස්සේ අකර්මන්‍ය වීමෙන් විකිරණ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් දැඩි අවදානමට ලක්ව ඇතැයි එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා පෙරේදා (11 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙසේ සේවා බිඳ වැටී ඇති එක් යන්ත්‍රයකින් දිනකට දරුවන් 10 – 15 අතර පිරිසකට විකිරණ ප්‍රතිකාර කරන බවත්, අනෙක් යන්ත්‍රයෙන් දිනකට වැඩිහිටි රෝගීන් 70 කට පමණ විකිරණ ප්‍රතිකාර කරන බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම හම්බන්තොට රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන ‘සී. ටී. සමාකරණ’ යන්ත්‍රය ද අකර්මන්‍ය වී මාස 6 ක් පමණ ගතව ඇතත් නඩත්තු කටයුතු සඳහා මුදල් නොගෙවීම නිසා එම රෝහලේ රෝගීන් මඩකලපුව සහ කරාපිටිය රෝහල් වෙත යොමු කිරීමට සිදුව ඇතැයිද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment