සැරෙන් සැරේ වැසි ඇදහැලේ

165


බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ලලමාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු -මැද පළාත්වලත් විටින විට තද සුළං ඇති විය හැකිය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment