යාපනයෙන් සාර්ථක පිළිතුරක්

149

පළමු ඉනිමේ ලකුණු 62කට සියලු දෙනා දැවී ගියද තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වෙනිදා) දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය.

දඹුල්ල කණ්ඩායම ඊයේ උදෑසන සියලු දෙනා ලකුණු 213කට දැවී ගිය අතර ඒ අනුව ඊයේ තේ පානය සඳහා තරගය නතර කරන විට යාපනය කණ්ඩායම දඹුල්ලට වඩා කඩුලු 7ක් අතැතිව ලකුණු 9ක් ඉදිරියෙන් සිටියේය.

යාපනය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යුගලය වන නවෝද් පරණවිතාන සහ රොන් චන්ද්‍රගුප්ත දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 115ක් විය.

නවෝද් පරණවිතාන ලකුණු 64ක් ලබාගත් අතර රොන් චන්ද්‍රගුප්ත ලකුණු 67ක් ලබා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පෙරේදා දිනයේ දී නොදැවී ලකුණු 64 ක් ලබා සිටි නායක මිනෝද් භානුකට ඊයේ දිනයේ රැස් කරගත හැකි වූයේ ලකුණු තුනක් පමණි.

ඔහු ලකුණු 67 කට දැවී ගිය අතර විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී යාපනය කණ්ඩායම වෙනුවෙන් යසිරු රුද්‍රිගෝ කඩුලු තුනක්ද නිපුන මාලිංග, ඒෂාන් මාලිංග සහ දිලුම් සුධීර කඩුලු 2 බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment