දේවාලයට ආ තරුණිය කෙළෙසූ කපුවා වසර 15 ක් හිරේ

544

විවාහයට පෙර ආශිර්වාද ලබාගැනීමට සිය දේවාලයට පැමිණි තරුණියක බලහත්කාරයෙන් දේවාලය තුළදීම දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ පූසාරිවරයකුට වසර 15 ක සිරදඬුවමක් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (20 දා) නියෝග කළේය.

2012/6/28 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිය පෙම්වතා සමඟ එම තරුණිය විත්තිකරුගේ දේවාලයට පැමිණි බවත් ආශිර්වාද පූජාවට අවශ්‍ය ද්‍රව්‍යයන් ගෙන එන ලෙසට පෙම්වතාට පවසා ඔහු පිටතට යවා ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිනි. පසුව විත්තිකරු සිය බිරිඳවද බිත්තර රැගෙන එන ලෙස දන්වා පිටතට යවා දේවාලයේ දොර වසා එම තරුණිය බලහත්කාරයෙන් දූෂණය කර තිබූ බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි. තමා එම අපරාධය සිදු නොකළ බව විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කර තිබූ නමුත් එම විත්ති වාචකය ප්‍රතික්‍ෂේප කළ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කර එම දඬුවම් නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment