රාළහාමිගේ මාලය කඩාගත් හොරා අල්ලා ප්‍රදේශවාසීහු පොලිසියට භාරදෙති

792

රත්නපුර පොලිසියේ සැරයන්වරයෙකු පැළඳ සිටි රන්මාලය කඩාගෙන පලාගිය මත්ලෝලීයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදීමේ සිද්ධියක් වාර්තාවෙයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රත්නපුර පොලිසියේ සැරයන් සිව සුබ්‍රමනියම් මහතාය.

හෙතෙම සිද්ධිය පිළිබඳව ‘දිවයින’ ට මෙසේ පැවසීය.

මම රාජකාරිය අවසන් කරලා සුපිරි වෙළෙඳසලකින් ගෙදරට බඩු මූට්ටු අරන් අත් දෙකෙන්ම බෑග් අල්ලාගෙන රත්නපුර බස් නැවතුම්පළට ආවා. ඒ මොහොතේ එකෙක් ඇවිත් මගේ රත්තරන් මාලය ගලවා ගත්තා. සැකකරු දැනගෙන උන්නා මගේ අත්වල බෑග් හින්දා එය වළක්වා ගන්න මට බැහැ කියලා. සැකකරු දුවද්දී එහි රැස්ව සිටි කීපදෙනෙක් ඔහු පසු පස එලෙව්වා. කොහොම හරි සැකකරු අල්ලා ගත්තා. මම රාජකාරිය ඉතා අවංකව සිදුකරන කෙනෙක්. ඒ හින්දා මගේ රන් මාලය මට යළි ලැබුණා. මෙම මාලය පවුම් තුනක් බරයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment