කඳු ගැටයක් නායයෑමෙන් පේරාදෙණියේ ව්‍යාපාරික ස්ථාන 3ක් විනාශයි – එක් අයෙක් නින්දේදීම මරුට

55

අවදානම් ස්ථානවල පදිංචිකරුවෝ ඉවතට

මහනුවර කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ කඳු ගැටයේ කොටසක් පෙරේදා (21 දා) රාත්‍රියේ 11.30 ට පමණ නායගොස් ව්‍යාපාරික ස්ථාන තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ව්‍යාපාරික ස්ථානයක් තුළ නිදා සිටි එක් අයකු මරණයට පත්ව ඇත. අනතුරින් මරණයට පත්ව ඇත්තේ අනුර ජයවීර නම් 68 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

පේරාදෙණිය නගරය ඇතුළු අවදානම් යැයි නම්කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

පේරාදෙණිය පොලිසිය, මහනුවර ගිනි නිවන ඒකකය සහ යුද හමුදාව එක්ව ශරීරය සොයා මෙහෙයුම් දියත් කළ අතර පැය කීපයක මෙහෙයුමකින් පසු සිරුර සොයා ගන්නා ලදී. එක් අයෙකු මරණයට පත් කරමින් ඊයේ රාත්‍රී නායගිය පේරාදෙණිය කඳු ගැටය පාමුල ව්‍යාපාරික ස්ථානද දැඩි අවදානම් සහගත යැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික රණවීර මහතා පවසයි. මේ අයුරින් අවදානම් සහිත ස්ථාන පිළිබඳව අදාළ අංශ හා පදිංචිකරුවන් දැනුවත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කළ බව ඉන්දික රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
සමන්ති වීරසේකර, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන සහ ලලන්ත වන්නිආරච්චි – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment