උතුරු කොරියාවේ සාගින්න උග්‍ර වේ

529

ශීත ඍතුව අභියස සිටින උතුරු කොරියාවේ කුඩා ළමුන් ඇතුළු ජනතාවගෙන් වැඩි දෙනෙකු කුසගින්නෙන් පෙළෙන බව දකුණු කොරියාවේ පළ වන පුවත්පතක් වන ‘ඬේලි එන්කේ’ පුවත්පත වාර්තා කර තිබේ. උතුරු කොරියාවේ පුවත් පළ කරනු ලබන එම පුවත්පතෙහි කර්තෘ ලී සංග් යොන් ට අනුව දකුණු කොරියානු පවුල් ගණනාවක් විසින් උතුරු කොරියාවේ සිටින සිය පවුල්වල සාමාජිකයන් කුසගින්නෙන් පෙළෙන බවත් ශීත ඍතුව පැමිණි විට තවත් බොහෝ දෙනෙකු කුසගින්නෙන් පෙළෙනු ඇති බව පවසා ඇත.

 දැනටමත් උතුරු කොරියාවේ මහා මාර්ගවල අනාථ ළමුන් විශාල සංඛ්‍යාවක් සිටින බවට වාර්තා වී ඇති අතර කුසගින්නෙන් පෙළෙන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කුසගින්නෙන් මිය යන බව අනාවරණය වී තිබේ. ඬේලි එන්කේ පුවත්පතෙහි කර්තෘවරයාට අනුව උතුරු කොරියාව මුහුණ පා සිටින ආහාර හිඟය සිතුවාටත් වඩා දරුණු වීම නිසා එරට පීඩිත පංතිය ආහාර හිඟය හමුවේ තව තවත් පීඩාවට පත් වෙමින් සිටී. කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා උතුරු කොරියානු රජය විසින් ඉකුත් වසරේ ජනවාරි මාසයේ සිය දේශසීමාවන් වසා දැමීම හේතුවෙන් එරට සිදු වන දෑ පිළිබඳව තොරතුරු ලබාගැනීම තවත් දුෂ්කර වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment