ඉන්දියාවට ගෙනා චීටාවරුන්ගෙන් හත්වැනියත් මරුට

950

දශක හතකට පමණ පෙර වද වී යෑම හේතුවෙන් බෝකිරීම සඳහා අප්‍රිකාවෙන් ගෙන්වා ඉන්දියාවට හඳුන්වා දුන් චීටා සතුන් කණ්ඩායමෙන් හත් වැනි මරනයද වාර්තා වී ඇති බව ඉන්දීය බලධාරීහු පවසති. මෙසේ අලුතින්ම මියගොස් ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට මුදාහැර තිබූ චීටා සතෙකු වන අතර එම මරනයට හේතු වී ඇත්තේ තවත් චීටා සතෙකු හා පැවැති ගැටුමක් විය හැකි බවට බලධාරීහූ සැක පළකර සිටිති.

එම වනෝද්‍යානයට මුදාහැර සිටි “තේජස්” යනුවෙන් හැඳින්වෙන පිරිමි චීටා සත්ත්වයෙකු තුවාල ලබා සිටීම හේතුවෙන් ඔහු සමග පැවැති ගැටුමක් නිසා අදාළ චීටා සත්ත්වයා මිය යන්නට ඇතැයි වනෝද්‍යාන අංශ පවසයි. 1952 වසරේදී ඉන්දියාවෙන් ව්‍යාඝ්‍ර පවුලට අයත් චීටා සතුන් වද වී ගොස් ඇති බව ප්‍රකාශයට පත්කර තිබූ අතර එම සතුන් නැවත හඳුන්වාදීම සඳහා වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ මෙහෙයවීමෙන් ඉන්දීය රජය 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී චීටා සතුන් 08 දෙනෙකු නැමීබියාවෙන්ද, තවත් චීටා සතුන් 12 දෙනෙකු 2023 වසරේ පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවෙන්ද වශයෙන් 20 දෙනෙකු ගෙන්වා වනෝද්‍යානවලට මුදාහැර තිබිනි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment