ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ Association of International Marketing Graduates අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

46

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Association of International Marketing Graduates (AIMG) සමග හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ දැනුම, විශේෂඥතාවය සහ හවුල්කාරීත්වයන් වැඩිදියුණු කිරීම සඳහා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරයි.

මේ සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා AIMG වෙනුවෙන් සභාපති සුජිත් සිල්වා මහතා, ලේකම් කාංචන කරුණාගම මහතා ,මෙහෙයුම් ප්‍රධානි සංජය හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල් අලුත්ගම මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී – අලෙවි හා බෙදාහැරීම් -ජීවිත රක්ෂණ නාමලී ඒ සිල්වා මිය සහ සහකාර සාමාන්‍යාධිකාරි -අලෙවි -ජීවිත රක්ෂණ කසුන් සමීර මහතා සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment