ඔනේෂ්ගේ මරණය ගැන රාජ්‍යතාන්ත්‍රික පරීක්‍ෂණයක්

191

ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධිය ඝාතනයක් බවට සැක කෙරේ.

පසුගිය ඉරිදා (05දා) උදෑසන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මියගොස් සිටි බව වාර්තා වූ අතර ඔහු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment