අශ්වයන් බෝකරන්න අඹේවෙල අක්කර 5 ක්

461

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය අශ්වයන් නෙදර්ලන්තයෙන් ගෙන්වා ගැනීමේ දී විශාල මුදලක් වැය වන බැවින් අඹේවෙල ප්‍රදේශයේ අශ්වයන් බෝකරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

දැනටමත් මේ සඳහා අඹේවෙල ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් වෙන්කර ඇති බව අශ්වා රෝහක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

නෙදර්ලන්තයෙන් එක් අශ්වයකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලක්‍ෂ 70ක පමණ මුදලක් වැයවෙන බව ඔහු කියයි. ලබන වසරේ මෙහි ගෙන ඒමට අදහස් කර තිබෙන අශ්වයන් 12 දෙනා සමග වෙළඹුන් දෙදෙනකු ද රැගෙන එන බව පොලිසිය කියයි.

මෙම අශ්වයන් බෝකරන මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු විදේශීය සංචාරකයන්ගේ පවා ආකර්ෂණය ලබාගැනීමට හැකිවෙන බවද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment