මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථිකය සෘණ වෙයි

75

මේ වර්ෂයේ (2023) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ගිය වර්ෂයේ (2022) දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් වාර්තා කර ඇත.

ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2680074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී රු. මිලියන 2597441 ක් දක්වා අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වර්ෂයේ (2023) දෙවන කාර්තුවේ සමස්ත කෘෂිකාර්මික කටයුතු සියයට 3.6 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර කාර්මික නිෂ්පාදනය සියයට 11.5 කින් සහ සේවා නිෂ්පාදනය සියයට 0.8 කින් ද සෘණ වර්ධනයන් වාර්තා කර ඇත.

2023 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment