අද දවසේ කාලගුණය

116

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්හි වැසි වාර කිහිපයක් ඇතිවියහැකි බවද සඳහන් කරයි.නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර ප්‍රදේශ වලට විටින්විට වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බවද සඳහන් කරයි.උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්ක වල මිලි මීටර් 75ක පමණ වැසි ඇතිවියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment