ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අත තියන්න එපා! – අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා ඇමැතිට තහනමක්

114

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන මස 19 වැනිදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (12 දා) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් නීතිඥ එම්. ජේ. සංජය ෆොන්සේකා මහතා මගින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හා ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරු එම නියෝගය කළහ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ක්‍රියාකලාපය මගින් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අගතියක් වන බව සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරුවෝ සිය පෙත්සම විභාගයට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයට ලක්කිරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයන් වළකාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment