20 න් පහළ හොකී දක්ෂතම ක්‍රීඩකයා සචින්ත ක්‍රීඩිකාව නිපුනි

112

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවති 56 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතලේ “රන්” කණ්ඩායම නියෝජනය කළ සචින්ත පියුමික ගුණවර්ධන අභිෂේක ලැබූ අතර පුත්තලම පාසල් කණ්ඩායම නියෝජනය කළ නිපුනි ප්‍රනාන්දු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

මෙම තරගාවලියේ දක්ෂතම ගෝල් රකින්නා ලෙස ඉමේෂ් කෞෂල්‍ය පෙරේරා (කොළඹ පාසල් “රතු”) තිළිණ ලැබූ අතර දක්ෂතම ගෝල් රකින්නියට හිමි සම්මානය දිල්මි හෂිනිකා ජයලත් (මහනුවර පාසල් “නිල්”) දිනා ගත්තාය.

කණ්ඩායම් 23 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරග මාලාවේ බාලක සම ශූරතාව දිනා ගැනීමට මාතලේ පාසල් “රන්” කණ්ඩායම සහ කොළඹ පාසල් “රතු” කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී දෙවන අනු ශූරතාව ගාල්ල පාසල් “රන්” කණ්ඩායම සතු විය.

මෙවර බාලිකා අංශයේ ශූරතාව මහනුවර පාසල් “නිල්” කණ්ඩායම දිනා ගන්නා අතර වාරයේ දී පුත්තලම පාසල් කණ්ඩායමට අනු ශූරතාව හිමි විය.

එකී දෙවන අනු ශූරතාව මාතලේ පාසල් “රන්” පිල සතු විය.

advertistmentadvertistment
advertistmentadvertistment