එතෙර සිට ආ ශ්‍රී ලාංකිකයාගේ ඩොලර් 1500 කට රේගුවේ දෙදෙනෙක් විදලා

1113

විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තිබූ ඇමරිකානු ඩොලර් 1500කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබාගත් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනකු පිළිබඳව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගුවන්තොටුපළ රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

පෙරේදා (15 වැනිදා) මෙරටට පැමිණ ඇති මෙම ශ්‍රී ලාංකිකයා සතුව ඇමරිකානු ඩොලර් 16500කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඇමරිකානු ඩොලර් 15000කට වඩා රැගෙන යා නොහැකි බව පවසමින් මෙම සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනා එම ගුවන් මගියාගෙන් ඇමරිකානු ඩොලර් 1500කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි එම ආරංචිමාර්ග කියා සිටී.

සිද්ධියට මුහුණපෑ පුද්ගලයා ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයාට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනා ස්ථාන මාරු කොට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධියට මුහුණපෑ ශ්‍රී ලාංකිකයාට සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනා ලබාගත් ඇමරිකානු ඩොලර් 1500කට ආසන්න ප්‍රමාණය යළි ලබාදීමට කටයුතු කර ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment