ආසියානු යොවුන් දැල් පන්දු සංචිතය තෝරාගැනීමේදී තේරීම් කමිටුවට බලපෑම්

176

ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් අවසන් සංචිතය වෙනස් කර දෙන ලෙස මේ වනවිට විවිධ පාර්ශ්ව වෙතින් දැල් පන්දු තේරීම් කමිටුවට බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අතර දැල් පන්දු සම්මේලනයේ ඇතැම් නිලධාරීන් සහ වත්මන් යොවුන් දැල් පන්දු පුහුණුකාරිනියද මේ බව අනාවරණය කර ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පසුගිය 30 වැනිදා පැවති අවසන් තේරීම් තරග නිමාවෙද්දී අවසන් සංචිතයට නොතේරුණු ක්‍රීඩිකාවන්ගෙන් අභියාචනා 09ක් පැමිණ තිබුණ අතර මෙම අවසන් තේරීම් තරගයට ක්‍රීඩිකාවන් 18 දෙනකු පමණක් සහභාගි වීමට නියමිතව තිබුණද ඊට ක්‍රීඩිකාවන් 33 දෙනකු කැඳවන්නැයි ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය සහ යොවුන් පුහුණුකාරිනිය ලිඛිතව දැල්පන්දු තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

මීට අමතරව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවද ක්‍රීඩිකාවන් 33දෙනාටම යළි අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි දැල් පන්දු තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තීරණයට ක්‍රීඩිකාවන්ගේ මාපියන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබුණු අතර, එනිසාම අවසන් තේරීම් තරග නිමාවෙද්දී අවසන් ක්‍රීඩිකාවන් 12ට නොතේරුණු ක්‍රීඩිකාවන්ගෙන් ලද අභියාචනා 09ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කෙසේ වෙතත් අවසන් වශයෙන් තේරීම් කමිටුව තෝරාදුන් අවසන් ක්‍රීඩිකාවන් 12ට සහ අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment