ආර්ථිකයේ කරණමක් ඕනෑ ආසියානු සංවර්ධන බැංකුව

80

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්‍ෂ ටකෆුමි කඩොනො මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වනවිටත් ප්‍රතිසංස්කරණ සිදුකර ඇති බවත් තවත් බොහෝ ප්‍රතිසංස්කරණ ඉදිරියට සිදු කිරීමට ඇති බවත් ඔහු සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන සහයෝගිතා වැඩසටහන (2024 – 2028) පිළිබඳව ඊයේ (03දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය. රටේ මතුවන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර හා සහාය ලබාදෙන බවද ඔහු කියා සිටියේය. එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය කලමනාකරණය, ආර්ථික ප්‍රතිසංස්කරණය, දූෂණය අවම කර ගැනීමේ පියවරයන්, දේශගුණ විපර්යාසවලට මුහුණ දෙන ආකාරය සහ දුප්පත් සහ අවදානමට ලක් වන ජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් දෙස ඉතා උනන්දුවෙන් සලකා බලන බවද ටකෆුමි මහතා කීවේය.

ලංකාවේ දිළිඳුකමේ මට්ටම ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් දිළිඳු සහ අවදානමට මුහුණ දෙන ජනයා ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නේවාසික කළමනාකරු උට්සව් ක-ුමර් මහතා ද කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment