ප්‍රචණ්ඩ ක්‍රියා පළිගැනීම් නතර කරන්න- ජනපති ට්විටර් පණිවුඩයකින් ඉල්ලයි

107

දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ පළිගැනීම් නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment