සිසු හෙද අයැදුම්කරුවන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

86

සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු විස්තර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පළකර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සඳහා අයැදුම්පත් යොමු කරන ලද අයැදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර තමන් හට සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය හා ඊට අදාළ සියලු විස්තර දැනගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අයැදුම්කරුවන් වෙත දන්වා සිටී.

2019/2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා හා ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා අයැදුම්පත් යොමු කරන ලද අයැදුම්කරුවන් 4000කට අධික ප්‍රමාණයකගෙන් සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 13 දා සිට පෙබරවාරි මස 18 දා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment