රඹුක්කන තවත් රතුපස්වලක් කරයි: පොලිසිය වෙඩි තබයි මරණ එකයි 24 කට තුවාලයි

496

රටම නවතී, බස් ගමන් ඇනහිටී, දුම්රිය ගමනටත් බාධා,
කඩ සාප්පුත් වසයි

ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ඊයේ (19 දා) සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

රඹුක්කන තවත් රතුපස්වලක් කරයි: පොලිසිය වෙඩි තබයි මරණ එකයි 24 කට තුවාලයි
රඹුක්කන තවත් රතුපස්වලක් කරයි: පොලිසිය වෙඩි තබයි මරණ එකයි 24 කට තුවාලයි

මෙම වෙඩි තැබීමෙන් සිව්දෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුහු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.

කඳුළු ගෑස් ප්‍රහාරයත් සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමින් තුවාල ලබා රෝහල්ගත කර සිටින ගණන ඊයේ රාත්‍රි වනවිට 26ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඉන් 10 දෙනෙක් පොලිස් නිලධාරීහු වෙති.

රඹුක්කන ඉන්ධන පිරවුම්හලට දින 03ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා ජනතාව පෙරේදා (18දා) රාත්‍රි 12.00සිට නගරයේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබිණි.

එහිදී කුරුණෑගල, මාවතගම සහ මහනුවර දක්වා ගමන්කරන මාර්ග අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයේ නිරතව සිටියහ. ඊයේ පෙරවරුවේ උඩරට දුම්රිය මාර්ගය ද සිල්පර කොට දමා අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයේ නිරතවූහ.

රඹුක්කන තවත් රතුපස්වලක් කරයි: පොලිසිය වෙඩි තබයි මරණ එකයි 24 කට තුවාලයි

මෙම උද්ඝෝෂණය අතරතුරදී දහවල් 2.00ට පමණ ඉන්ධන බවුසරයක් පැමිණ ඇති අතර එහිදී උද්ඝෝෂණයේ නිරතවූවන් පවසා ඇත්තේ පැරණි මිලට තෙල් ලබාදෙන ලෙසය. ඉන්ධනහල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා උද්ඝෝෂකයන් තෙල් බවුසරයට පහරදී අලාභහානි සිදුකර ඇත. එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමගම නගරය යුද පිටියක් හා සමාන තත්ත්වයට පත්වූ අතර උද්ඝෝෂකයන් පොලිසිය වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇත. එහිදී මතුවූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය වෙඩි තබා ඇත.

මෙම උද්ඝෝෂණයට තුන්දහසකට අධික පිරිසක් සහභාගි වී තිබේ.

නගරය තුළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රී යුද හමුදාව ද කැඳවා තිබිණි. මෙහිදී මියගොස් ඇති තරුණයා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍යකු බවද තහවුරු නොකළ ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ සහ නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කෑගල්ල – පහලවත්ත, හපුතලේ බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment