ජෙරම් පාස්ටර් ඩෝම් හා ගඩොල්

1491

ජෙරම් බුදුන්ට නිග්‍රහ කරන විට කටුනායක ඩෝම් පල්ලියේ රැඳී සිටි අනුගාමිකයෝ අත්පුඩි තලන්නට වූහ. බොර්න් එගේන් සාමාජිකයෝ කොහොමත් මේ මෙරට මහා සංස්කෘතිය ට විරුද්ධ ය. අරගලය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ද බෝන් එගේන් කල්ලියේ අනුග්‍රහය ලබන්නන් ය. ලංකා පාර්ලිමේන්තුවේ පාස්ටර් ලා වෙති. ඔවුන්ට වෙන ම පල්ලි ඇත. එක් පල්ලියක් කිරුළපන මහ පාර අසල ඉදිව ඇත.

1963 වන තෙක් කෙන්යාව පාලනය කළේ බි්‍රතාන්‍යය විසිනි. කෙන්යාව යනු අන්තවාදී ආගමික මතවාද වැළඳ ගැනීමේ මහත් අභිරුචියක් සහිත මනෝභාවයකින් යුතු ජන කණ්ඩායම් ජීවත්වන රටකි. කෙන්යාව කතෝලික පල්ලිය විසින් එම බිම ස්වකීය සරු ගොදුරු බිමක් බවට පත් කරගෙන තිබිණි. විශේෂය වන්නේ වර්තමානයේ කෙන්යානුවන්ගෙන් අඩක් පමණ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි ආගමිකයන් වේ. ඇත්තෙන්ම එය එක්සත් ජනපදයට වඩා බෙහෙවින් වැඩි අනුපාතයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයන් අතුරින් හතරෙන් තුනකට වඩා ක්‍රිස්තියානි භක්තිකයන්ය. කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝගේ බිරිඳ ඉවැන්ජලිකල් දේශකයෙකු වන දැඩි ඇදහිලිවන්තියකි. ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි ධර්මය හා එහි නිදහස් දේශකයන් සමස්ත අප්‍රිකාව පුරා ජනප්‍රියත්වයෙන් ඉහළ ගොස් ඇත. ධූරාවලිය සහ නීති මගින් පාලනය වන රෝමානු කතෝලික හෝ ඇන්ග්ලිකන් හෙවත් එංගලන්ත සභා පල්ලි මෙන් නොව, බොහෝ ඉවැන්ජලිකල් පල්ලි පාලනය කරනු ලබන්නේ කිසිදු අධීක්ෂණයක් නොමැති ස්වාධීන දේශකයන් විසිනි. එනිසා එහි කිසිම පාලනයක් නැත.

කෙන්යාව ගැන කතා කරන විට ගුඩ් නිව්ස් ජාත්‍යන්තර පල්ලිය හා එහි ප්‍රධාන දේවගැති පෝල් මැකෙන්සි මතක් වේ. නැගෙනහිර කෙන්යාවේ කැලෑබද ප්‍රදේශයක් අසල එතරම් ගැඹුරට නොකපන ලද වළවල්වලින් මිනිස් සිරුරු හමුවන විට ගුඩ් නිව්ස් පල්ලිය දෙදරන්නට විය. ඇත්තෙන්ම මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වළ දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 200 ට වැඩි මිස අඩු නොවේ. මේ ක්‍රිස්තියානි ආගමික කල්ලියේ සාමාජිකයන් බඩගින්නේ මියගියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හමු වීමේ අපේක්ෂාවෙනි. බඩගින්නේ මියයන්නට උපදෙස් දුන්නේ මෙම පල්ලියේ නායකයා ලෙස සලකන පෝල් මැකෙන්සි නම් පාස්ටර් ය. දැන් මේ ඊනියා පූජකයා පොලිස් අත්අඩංගුවේ පසුවේ. කෙන්යාවේ පාස්ටර් ගැන කතා කරන විට ලංකාවේ පාස්ටර් ජෙරම් ගැන කතා නොකර බැරිය. ඔහු ඉංග්‍රීසියෙන් දේශන තියෙන විට ලංකා රූපවාහිනි සේවය කරන නිවේදකයා මගින් ඒවා සිංහලට පරිවර්තනය කරයි. ආමන්ත විජේසූරිය නම් ජාතික රූපවාහිනියේ හිටපු ක්‍රීඩා මාධ්‍යවේදියකු සෘජුවම ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවමින් සිටි අතර ජෙරම්ගේ විශ්මකර්ම ක්‍රියා ලොවට කියාපෑමේ රාජකාරිය ඔහු භාරගෙන සිටියේය. ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු “මිරකල් ඩෝම්” හි සිට සිය බැතිමතුන් ඉදිරියේ ඔහු විවිධ රෝගීන් සුවකරන බව පෙන්නුම් කරන වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය. වකුගඩු රෝගීන්, ශ්‍රව්‍යාබාධිතයන්, ඇදුම හතිය ඇති දරුවන් ජෙරම් සුවකරන ආකාරය වීඩියෝ විශේෂ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කළේ ආමන්ත විජේසූරියයි.

බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත්, ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජෙරම් ප්‍රනාන්දු කීය. සිය සුඛෝපභෝගී දේශන ශාලාවේ පැවති දේශනාවකදී ඔහු පවසා සිටියේ බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ වන නිසා සෑම බෞද්ධයකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන බවයි. බෞද්ධ ඉගැන්වීම සම්බන්ධව තවත් විවිධාකාර අදහස් ඔහු මෙහිදී පළකර තිබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ජෙරම්ගේ ප්‍රකාශය රට පුරා පැතිර යෑමට ගතවූයේ ඉතා සුළු කාලයකි. මහා සඟරුවන ඇතුළු බොහෝ පාර්ශ්ව මෙම ප්‍රකාශය හෙළා දකින්නට විය. මේ නිසාම ඔහුට රතු එළි දැල්වෙන්නට විය.

අවසානයේ බුදුන් වහන්සේට නිග්‍රහ කළ ජෙරම් ලංකාවෙන් පැනගොස් තිබේ. මේ ඊනියා දිවැසිවරයා පොලිසියට බයෙන් සිංගප්පූරුව බලා ගියේ ඉර්දියෙන් නොව ගුවන් යානයකිනි. ඇත්තෙන්ම ජෙරම් බුදුන්ට නිග්‍රහ කරන විට ද කටුනායක ඩෝම් පල්ලියේ රැඳී සිටි අනුගාමිකයෝ අත්පුඩි තලන්නට වූහ. බොර්න් එගේන් සාමාජිකයෝ කොහොමත් මේ මෙරට මහා සංස්කෘතිය ට විරුද්ධ ය. අරගලය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ද බෝන් එගේන් කල්ලියේ අනුග්‍රහය ලබන්නන් ය. ලංකා පාර්ලිමේන්තුවේ පාස්ටර් ලා වෙති. ඔවුන්ට වෙන ම පල්ලි ඇත. එක් පල්ලියක් කිරුළපන මහ පාර අසල ඉදිව ඇත. වත්මන් ජනපතිවරයාගේ පස්වෙනි පටුමගේ නිවාස ගිනිතැබීම පිටුපසද බොර්න් එගෙන් කල්ලිය සිටි බව ප්‍රකට කරුණකි. ජෙරම් පාස්ටර් කාලෙක සිට සිය දේශනවලින් දෙවියන්ගේ ආලෝකය ගැන කතා කරමින් අනෙක් ආගම්වලට නිග්‍රහ කිරීම සිදු කරනු ලබයි. ජෙරම් එක් දේශනයකදී කියන්නේ ලංකාව බහුතර ක්‍රිස්තියානි රටක් කළ යුතු බවයි. මේය ඉතා බරපතළ ප්‍රකාශයකි. මේ බෞද්ධ රට විනාශ කිරීමට ජෙරම්ට හැකියාවක් නැතත් මේ කුමන්ත්‍රණය අප හොඳින් වටහාගත යුතු ය. එයට දේශපාලන න්‍යාය පත්‍රයක් ද ඇත. එම දේශපාලන න්‍යාය පත්‍රය පසුගිය වසරේ ගාලු මුවදොර දී ක්‍රියාත්මක විය. තමා දිවැසිවරයකු යැයි කියා ගන්නා මේ පාස්ටර් එක්දහස් නවසිය හැත්තෑ නමයේ උපත ලබා ඇත. ඔහු අධික ධනයක් ඇති පුද්ගලයෙකි. කොළඹ ප්‍රභූ සමාජයේ බොර්න් එගෙන් නිකායට අයත් ප්‍රමුඛ පූජකයා මොහුය. ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවලට ගොස් මොහු දේශන පවත්වයි. භානුක රාජපක්ෂ මොහුගේ ප්‍රකට අනුගාමිකයෙකි. කුමාර සංගක්කාර ද මොහුගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කර ඇති නමුත් දැන් සම්බන්ධයක් නැතැයි කිය යි. එහෙත් ඔහුගේ බිරිය බැට් එකට බෝලෙ වදින්නේ ද දෙවියන්ගේ කැමැත්තෙන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඇය පසුගිය වසරේ කියූ ප්‍රකාශයක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි. එය සිදු කළේ ජෙරම්ගේ පාල්ලියකද නැත්නම් වෙනත් පල්ලියකද යන්න පැහැදිලි නැත. නමුත් එය පාස්ටර් කෙනෙක් ඉදිරියේ සිදු කරන ප්‍රකාශයකි.

මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුණා. මං දන්නවා ඒ සියල්ල වුණේ අපි ප්‍රේ කරපු නිසා. කුමාර් අවුරුදු 15 ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුණා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ දෙවියන්ගේ උදව් නිසා. T20 වර්ල්ඩ් කප් එකේ එයා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගේ බඩට මං ආවෙ ජීසස් නිසා… මං ප්‍රේ කරලා ලෙඩ වුණු දරුවො පවා සනීප කළා. එක දවසක් හොඳටම වැස්සා, අපේ දරුවා බය වුණා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුණා. මගේ බල්ලට ලෙඩ වුණාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා. (උපුටනය අවසන්) මේ කාන්තාවගේ දෙවියන් පිළිබඳ විශ්වාසය කවරක් වුවත් සංගක්කාර මහතාගේ උපතින් ගෙන දක්ෂතාවය දෙවියන්ට ලබා දීමෙන් මහත් නිග්‍රයක් කර ඇත. එය විසඳා ගතයුත්තේ ඔවුන් විසිනි.

මෙවර අයි පී එල් ක්‍රීඩා කරන භානුක රාජපක්ෂට නම් දෙවියන්ගේ බැල්ම ලැබුණේ නැත. ඔහු ක්‍රීඩා කළ තරග දෙකම අසාර්ථක විය. පන්ජාබ් කණ්ඩායමේ වතුර අදින්නට දමා තිබේ. මෙය වැළැක්වීමට ජෙරම් ට කිසිවක් කළ නොහැකි වූයේ මන්ද? දෙවියන් බිසී නිසා දැයි අපි නො දනිමු. ලංකාවේ ක්‍රිකට් විනාශ කරනු ලැබුවේ මේ බෝර්න් එගේන් කල්ලිය විසිනි. ඒ ගැන පසුගිය කාලය පුරා ම සාකච්ඡා විය. නමුත් මේ ජෙරම් ගේ නාඩගම ට තිත තැබිය යුතු ය. මේ උන්මත්තක ආගමික කල්ලියකි.

ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 09ක් පමණ වන බවයි වාර්තා වී ඇත. එය බිලියන තුනකට වඩා වැඩිය. මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි. ලන්ඩන්, යුරෝපය, ඇමෙරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන් ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබී තිබෙන බව ද අනාවරණය වී තිබේ. එමෙන්ම මෙහි දී හෙළිව ඇත්තේ මෙම ආයතනය සඳහා ආධාර වශයෙන් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් බවයි. දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගඩොලක් ලක්ෂ පහකට විකුණා තිබේ. බුද්ධ පූජාවට නිග්‍රහ කරන අය මේවා ගැන මාරාන්තික නිහඬතාවක සිටිති. 1979 උපන් විවාහකයකු වන ජෙරම් ග්ලෝරියස් නම් කොළඹ පිහිටි දේවස්ථානයකද අධිපතීත්වය දරයි. ජෙරම් ප්‍රනාන්දුගේ අධ්‍යාත්මික ගුරුවරයා වන්නේ සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා බව කියැවේ. ඒ කෙසේ වෙතත් ජෙරම් ඇතුළු පිරිස ජාත්‍යන්තර ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොව පුරා ජාතීන් 87ක් වෙත සේවය සලසන බව කියා සිටී. ඔවුන්ට අනුව ලොව පුරා තුන් කෝටි අසූ නව ලක්ෂයක පමණ පිරිසක් ජෙරම් ප්‍රමුඛ කණ්ඩායම අනුගමනය කරන බව ඔවුනගේ වෙබ් අඩවිය කියයි.

“කේසපුත්ත” නියම්ගම් වැසි කාලාමවරු අපේ ගමට පැමිණෙන ආගම් ශාස්තෲවරු අපේ ආගම සත්‍යයි, අන් ආගම් අසත්‍යයි කියා කියනවා අපි කුමන පදනමක සිට කිනම් ආගමක් දර්ශනයක් සත්‍යයැයි පිළිගන්නේ දැයි බුදුන්ගෙන් විමසූහ. එහිදී සැක කිරීමට හා ප්‍රශ්න කිරීමට ශ්‍රාවකයන්ට නිදහස ඇති බව බුදුන් පෙන්වා දුන්හ. ජෛන ශ්‍රාවකයකු වූ උපාලි ගෘහපතිය, බුදුරදුන් පරාජය කිරීමේ අරමුණින් පැමිණිය ද බුදු දහම කෙරෙහි පැහැදුණු ඔහු බෞද්ධයකු වීමට අයැද සිටි අවස්ථාවේ උන්වහන්සේ ඔහුට පැවසුවේ උපාලි තවදුරටත් සිතා තීරණයක් ගත යුතු බවයි. නැවත ඔහු බුදුහිමියන්ගේ,

අනුගාමියකු බවට පත්කර ගන්නා ලෙස අයැද සිටීමෙන් උන්වහන්සේ වදාළේ ඔබ අද පටන් බෞද්ධයකු වුවත් ඔබ කලින් පුද පූජා පැවැත් වූ ආගමික ශාස්තෘවරුන්ට හා ආගම්වලට ඒ අයුරින් වතාවත්වල යෙදෙන ලෙසය. මේ කතා නම් ජෙරම් නොදන්නා බව සහතිකය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment