ඉන්දියාව ඩ්‍රෝන ගත්තේ කොළඹට එන නැව් බලන්න

310

කීර්ති වර්ණකුලසූරිය
 
 

ඉන්දියාව විසින් ඩොලර් බිලියන 3 ක් වැයකර ඇමරිකාවෙන් එම්. කිව්. – 1 ප‍්‍රිඬේටර් නමැති අධි තාක්‍ෂණික ඩ්‍රෝන යානා මිලයට ගත්තේ පෝට් සිටි, කොළඹ වරාය සහ හම්බන්තොට වරාය වෙත එන නැව් නිරීක්‍ෂණයට බව අනාවරණය වී ඇත.
 
 ‘‘ප‍්‍රිඬේටර් ඩ්‍රෝන යානා ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා’’ යැයි රජයේ ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.
 
 කිලෝමීටර් 1200 ක දුරක් යා හැකි මෙම ඩ්‍රෝන යානායකට අඩි 50000 – 60000 ක් අතර ඉහළ අහසේ සිට නිරීක්‍ෂණ ක‍්‍රියාදාමයේ යෙදිය හැක. ඉන්දීය නාවික හමුදාපති අශෝක් කුමාර් පෝට් සිටි ඉදිකිරීම ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් බව ඉන්දිය රජයට වාර්තා කර තිබිණි. වසර ගණනකට පෙර ඉන්දියාව යාපනයට පරිප්පු හෙලූවා වාගේ නොවෙයි, ඩ්‍රෝන යානා ශ‍්‍රී ලංකාවේ අහස් කලාපය උල්ලංඝනය කළහොත් නිසි පියවර ගන්නවා යැයි හෙතෙම කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment