සයනයිඩ් යොදා ගෙන යහළුවන් 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට

670

සිය යහළුවන් හා හඳුනන පුද්ගලයන් 12 දෙනකු සයනයිඩ් විෂ යොදාගෙන මරා දැමූ කාන්තාවක් තායිලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ිසිය යහළුවන් සයනයිඩ් විෂ යොදාගෙන මරා දැමීමේ චෝදනාව මත මෙම කාන්තාව පෙරේදා (26දා) බැන්කොක් නගරයේදී අත්අඩංගුවට පත්ව ඇත. අදාළ කාන්තාව විසින් මරා දැමූ පිරිස අතර ඇයගේ හිටපු පෙම්වතකු ද සිටින බව හෙළි වී තිබේ.

සරාරත් රන්ග්ස්ඉවුතපෝන් නමැති මෙම චූදිත කාන්තාව විසින් වසර 2020 සිට සිය යහළුවන් 12 දෙනකු ආර්ථික හේතුන් මුල් කරගෙන විෂ ශරීරගත කර මරා දමා ඇති බවට පොලිසිය විසින් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. චූදිත කාන්තාව විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුදු ඇයට ඇප ලබා දීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම කාන්තාව විසින් අවසන් වරට සිය යෙහෙළියක සයනයිඩ් යොදාගෙන මරා දමා ඇත්තේ මසකට පමණ පෙර වන අතර එසේ මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණයේදී සයනයිඩ් ශරීරගත වීමෙන් මරණය සිදුව ඇති බව තහවුරු වී තිබිණි.

විදෙස් පුවත් සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment