පෞද්ගලික බස් ගාස්තු කිසිලෙස ඉහළ දමා නෑ – බස්නාහිර මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති

64

වැඩිපුර මුදල් ගත්තොත් පැමිණිලි කරන්න

ඉන්ධන මිල ඉහළ නැංවුවද පෞද්ගලික බස් ගාස්තු කිසිසේත්ම ඉහළ දමා නැතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (02 දා) පැවසීය.

බස් ගාස්තු ඉහළ දමා ඇතැයි පවසමින් කොන්දොස්තරවරුන් වැඩිපුර මුදල් අයකර ගන්නේ නම් ඒ ගැන ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි අංශයේ 0112- 860860 දුරකථන අංකයට පැමිණිලි කරන්නැයි ද සභාපතිවරයා මඟී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම බස් කොන්දොස්තරවරුන් ගමනාන්තයට අදාළව ටිකට් පතක් ලබා නොදෙන්නේ නම්, බස් රථයේ මුදල් නොදී ගමන් කරන ලෙස ද සභාපතිවරයා මඟී ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස් රථ තුළදී බස් සේවකයන් ඉතා අසභ්‍ය ලෙස බැණ වදින්නේ නම්, ඉතා අපරික්‍ෂාකාරී අන්දමින් බස් රථ ධාවනය කරන්නේ නම්, ඉතිරි මුදල් ලබා නොදෙන්නේ නම්, වැඩිපුර මුදල් අය කරන්නේ නම් වහාම බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ පැමිණිලි අංශයට දැනුම් දෙන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment