කෝණ මාසය නිමවා රවි කටකයට

5257

– බුද්ධ පූජා පැවැත්වීමෙන් දෝෂ දුරුකරගත හැක

ජ්‍යොතිෂය තුළ නැකැත් සැකසීම බහුතර පිරිසක් ඉතා උසස් ලෙස ප්‍රයෝජන ගනු ලබන කාණ්ඩයකි. කෙසේ වෙතත් නැකැත් සෑදීමේ දී පොදු සම්මතය තුළ කෝණ මාස අත්හැරීම සිදුකරනු ලැබේ. ඉන් එක් කෝණයක් රවි මිථුන කෝණය. එනම් රාජ්‍ය කාරක රවි මිථුන රාශිය තුළ ගමන් කරන කාලය හැකිතාක් නැකැත් කටයුතුවලින් දුරස්කර තැබේ. ජුනි මස 15ත් ජූලි මස 17ත් අතර කාලය මෙසේ කෝණ මාසය ලෙස හඳුන්වයි.

එනම් මේ ගෙවෙන්නේ කෝණ මාසයයි. 2023 ජූලි මස 17 වැනි දින උදේ 05.07 ට මෙම මිථුන කෝණය අවසාන වේ. ඒ රවි කටක රාශියට ප්‍රවිශ්ඨ වීමත් සමගයි. නැකැත් කටයුතු යළි ආරම්භ කිරීමට එමගින් අවස්ථාව ලැබේ.

මෙහි විiානුකූලව පැහැදිලි කිරීමේ දී මිථුන කෝණ මාසය යනු රවි මාර්තු මස 20, 21 යන දිනවල තම ක්‍රාන්ති මාර්ගයේ උතුරු පැත්තට ආරම්භ කළ ගමනේ යා හැකි ඉතාමත් වැඩි ම ප්‍රමාණය වූ අංශක 23 තුළ 27ක් වූ විට නැවත දකුණට බරව ගමන් කිරීමට පටන් ගනී. මෙය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ජුනි මස 20, 21 යන දිනවලය. රවිගේ දක්‍ෂිණාගත ගමන ආරම්භ වන්නේ මෙතැන් පටන්ය. ජුනි 15 සිට ජූලි 15 දක්වා කාලය රවිගේ ක්‍රාන්ති මාර්ගයේ එක්තරා කෝණයක් නිර්මාණය වන නිසා මිථුන කෝණ මාසය ලෙස හඳුන්වයි.

මෙම කාලයේ දී ආරම්භ කරන ගෙවල්වලට සතුරු පීඩා ඇතිවේ. අසල් වැසියන්ගේ හා නෑදෑයින්ගෙන් නොයෙක් කරදර ඇති වන බව පොතපතේ සඳහන් වේ. එබැවින්, නිවාස කටයුතු එම කාලයේ ආරම්භ කරන්නේ නැත.

ජූලි මස 17 වැනි දා ඇසළ පුර පක්‍ෂය ආරම්භ වන අතර කෝණ මාසය ද අවසන් වන බැවින් බොහෝ යහපත් කටයුතු ආරම්භයට ශුභ වනු ඇත.

කෙසේ වෙතත් මෙම රවි මාරුව නිසා ලග්නවලට ඇතිකරන බලපෑම පිළිබඳව කෙටියෙන් විමසා බලමු.

මේෂ

ලේ ධාතුව සම්බන්ධ රෝග ඇතිවිය හැක. හෘද රෝග ඇති අය නිසි බෙහෙත් ලබාගතයුතු කාලයකි.

වෘෂභ

තම පෞරුෂත්වය වර්ධනය වේ. සහජ කුසලතා වර්ධනය වන කාලයකි.

මිථුන

නව ධන මාර්ග පිළිබඳ අවධානය යොමුවේ. පියා සමග මත ගැටුම් ඇතිවේ.

කටක

තම අභිමතය පරිදි වැඩ කිරීමට පෙළඹේ. තරමක් කේන්ති යන කාලයකි.

සිංහ

පාද ආශ්‍රිත රෝග උත්සන්න වේ. ඇස් ආශ්‍රිත රෝග තිබෙන අය ප්‍රවේශම් වන්න.

කන්‍යා

තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවකාශ සැලසේ. පියා ගිය මග යෑමට උත්සාහ දරන කාලයකි.

තුලා

රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතුවලට ශුභයි. කෙසේ වෙතත් කාර්ය බහුලතාවය ඉහළ යන කාලයකි.

වෘශ්චික

පෙර පින ඉස්මතු වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබේ. යහපත් කටයුතු කිරීමට පෙළඹේ.

ධනු

විවාහ කටයුතු පිළිබඳව ප්‍රවේශම් විය යුතු කාලයකි. වැඩිහිටියන් සමග මත භේද ඇති කරයි.

මකර

හවුල් ව්‍යාපාර ආදිය පිළිබඳව අවධානය යොමු කෙරේ. කල්ගිය වැඩකටයුතු සාර්ථක වෙයි.

කුම්භ

ලෙඩ රෝග සුවපත් වෙයි. තිබූ සතුරු කරදර බාධක දුරුව යන කාලයකි.

මීන

ප්‍රේම සබඳතා සාර්ථක වේ. එමෙන්ම අධ්‍යාපනික කටයුතුවලට ද යහපත් කාලයක් උදාකරනු ඇත.

රවි කටක රාශි ගතවන මෙම කාලයේ දී කිරි ආහාර බුද්ධ පූජා පැවැත්වීමෙන් බොහෝ දෝෂ දුරුකරගත හැක.

කෝණ මාසය නිමවා රවි කටකයට

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment