ඇත්ගොව්වන් පුහුණු කරන්න මධ්‍යස්ථානයක් !

308

මුතුරාජ ඇතා මුහුණ පෑ තත්ත්වය අනුව ඇත්ගොව්වන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇතැයි දෙහිවල සත්ත්ව උද්‍යානයේ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇතත් මෙතෙක් නිල වශයෙන් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම ආරංචි මාර්ග කියයි.

ඇතැම් ඇත්ගොව්වන් නිසි ආකාරයට සිය රාජකාරිය ඉටු නොකරන බවට වනජීවී අමාත්‍යාංශය කරන ලද සමීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

ලැබී ඇති තොරතුරු අනුව ඇතැම් ඇත්ගොව්වන් අලි ඇතුන් පාලනය කරනු ලබන්නේ බීමතින් බවද අනාවරණය වී ඇත. ඇතුන් පාලනය කරන ඇත්ගොව්වන් සංඛ්‍යාවද මේ වන විට ගණන් බලාගෙන යන බවද වනජීවී අමාත්‍යාංශය සඳහන් කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment