දක්ෂිණ අධිවේගයේ නායට හසුවූ එස්.ටී.එෆ්. 6ක් රෝහලේ

318

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 102 වැනි කිලෝමීටරය ආසන්නයේ යාබදව තිබූ රංගොඩකන්ද නාය යෑම හේතුවෙන් අධිවේගී මාර්ගයට පස්වැටී අනතුරට පත් මෝටර් රථයක් නිරීක්‍ෂණයට ගිය ගිලන් රථයක් සහ ගිනි නිවීමේ රථයක් එහිදී සිදුවූ දෙවැනි නාය යෑමට හසුවී එම රථ දෙකේ ගමන්ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හය දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පෙරේදා (11 දා) රාත්‍රි කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර මීටර් 100 ක් පමණ කොටසක් නාය යෑමට ලක්ව තිබූ අතර ඒ හේතුවෙන් මාර්ගයේ මන්තීරු හතරම සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබිණි.

නාය යෑම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිරවීම නිසා අතුරු මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පෙරේදා ජනතාවට දැනුම් දුන්නේය.

ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලුම වාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර ගාල්ල, දෙනියාය, මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත ඉමදූව ප්‍රදේශයෙන් අධිවේගි මාර්ගයට ඇතුළු විය හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මීටර් 150 ක් පමණ මෙම නායයෑම සිදුව ඇති බවත් මාර්ගයට වැටී ඇති පස් සහ ගස් ඉවත්කර අධිවේගී මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළ මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ (12 දා) යුද හමුදාව ද එක්කර ගනිමින් එක් මං තීරුවක් විවෘත කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

සුජීව තත්සර, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment