රුසියානු රජය  සිරියාවේ විනාශකාරියා යුක්රේනය  වැනසීමට යවයි

1509

සිරියාව වැනසූ විනාශකාරියා යයි හඳුන්වන ජනරාල් සර්ජෙයි සර්වොලන් යුක්රේන හමුදා මෙහෙයුමට පත් කර පැය 24 ක් තුළදී යුක්රේනයට බරපතළ මිසයිල ප්‍රහාර එල්ල වී ඇත.

 සිරියාවේ හමුදා මෙහෙයුම් සමයේදී ඔහු පාසල් වෙළෙඳ සංකීර්ණ, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු රජයේ ආයතන විනාශ කර දැමීම ගැන චෝදනා එල්ල විය.

 හිතක් පපුවක් නැති හමුදා නිලධාරියකු ලෙස හඳුන්වන ජනරාල් සර්වෝලන් ක්‍රිමියා පාලම පුපුරුවා හැරීම ගැන යුක්රේන හමුදාවෙන් දරුණු ලෙස පළිගන්නා බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment