සුජය කැන්ඩොස් BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද බකමූණ මහසෙන් ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී

34

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ තිස්හය වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සැප්තැම්බර් 5 වැනි අඟහරුවාදා (අද) පො/ බකමූණ මහසෙන් ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයකම 5 ශ්‍රේණිය සිසු සිසුවියන් සහභාගි වේ. ඇලහැර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.එස්.බී. හේරත් මහතාගේ අනුමැතියෙන් සහ ඇලහැර කැම්පස් අපි සංවිධානයේ මූලිකත්වයෙන් මෙම සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, ඉසිපතන, විශාඛා විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපියන් දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීණ දේශක, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී NVQ ඇගයීම් නිලධාරිනී අචලා පතිරණ මහත්මිය විසින් සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment