නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලිය – සුපිරි කාන්තා ශූරිය මදුමාලි

65

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ නෙස්ලේ සමාගම එක්ව සංවිධානය කරන ලද 2022 නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලිය පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත්විය. ඒ අනුව එහිදී ක්‍රියාත්මක කෙරණු සුපිරි කාන්තා ඉසව්වේ ශූරිය බවට පත්වන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ මදුමාලි ප්‍රනාන්දු සමත්වූවාය.

 රටපුරා විහිදී සිටි පාපැදි කරුවන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරණු නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලියේ සුපිරි කාන්තා ඉසව්ව කිලෝ මීටර් 28කින් යුක්ත විය. එහිදී එම ඉසව්ව මිනිත්තු 51.29කින් නිමාවට පත් කළ මදුමාලි ප්‍රනාන්දු පළමු ස්ථානයට පත්වෙද්දී එහි දෙවැනි ස්ථානය දිනා

 ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඈන් ෂෙනාලි සමත්වූවාය. එම ඉසව්වේ තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුලෝචනා පංචාලි පත් වූවාය.

 ආකාෂා සඳමිනි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් සුපිරි කාන්තා ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත්වෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂ් දිල්රුක්ෂි පස්වැනි ස්ථානයට දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment