අද රටේ තත්ත්වය අනුව මැති ඇමැතීන්ට වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක් – කථානායක

222

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් ගෙවීම පවා ඉතා අසීරු වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට (08 දා) පැවසීය.

ඔවුන්ගේ පසුගිය මස වැටුප ද ගෙව්වේ මහත් අසීරුවෙන් බව පැවසූ කථානායකවරයා මෙම තත්ත්වය මැද රටේ සෙසු ආයතනවල තත්ත්වය ගැන අලුතින් කීමට දෙයක් නැතැයි ද කියා සිටියේය.

ප්‍රශ්නය – වැටුප් නැතිවත් වැඩ කරන්න පුළුවන් මැති ඇමැතිවරුන් ඉන්නවා නේද?

පිළිතුර – දෙතුන්දෙනෙක් ඇති. වැටුප් නැතිව ජීවත්වෙන්නේ කොහොමද? එසේ ප්‍රශ්න කළ කථානායකවරයා සිනාසුණේය.

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා හොඳ යෝජනාවක් ඉදිරිපත් කළා. මෙහි පැමිණෙන විදේශිකයන්ට අවුරුදු කීපයක් වීසා ලබා දුන්නොත් අපට ඩොලර් උපයා ගැනීමට හොඳ මඟක් සැලසෙන බවට…?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ඒක හොඳ යෝජනාවක්. එය ක්‍රියාත්මක විය යුතුයි කියලා මා සිතනවා. ඒ වගේම විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසීමත් වැදගත් වෙනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment