ග්‍රහ ලොව සෙන්පති නීචයෙන් මිදී බලවත් ගමනක – අඟහරු මාරුව ඔබට රටට කෙසේද?

288

ග්‍රහ ලොව සෙන්පති හෙවත් චන්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළඹෙන 2023 ජූලි මස 01 වන ශනිදා පෙ.ව. 02.16 ට මෙතෙක් ගමන් ගත් සිය නීච රාශිය වූ සඳු හිමි කටක රාශියෙන් මිදී සිය මිතුරු රාශියක් වූ සිංහ රාශියට පිවිසෙන අතර, එසේම කුජ ග්‍රහයා 2023 අගෝස්තු 18 වැනිදා ප.ව. 3.53 දක්වා ම සිංහ රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගැනීමත් අනුව මෙම ග්‍රහ ලොව බලවතාගේ සිංහ රාශි ග්‍රහ ගමන අනුව මේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ ඵල උදා වන අතර ඔවුන්ගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවනු ඇත- වෘෂභ, මිථුන, කටක, තුලා, මකර, කුම්භ හා මින යන ලග්න වලට තරමක් අසුබ ඵල ද උදා වනු ඇත.

අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ ඛනිජ සම්පත්වල ප්‍රමුඛ වර්ධනයක් දක්නට ලැබෙනු ඇත- ඉදිරි මාස 2 කාලය තුළ ඛනිජ තෙල් වල මිල ගණන් අඩු වීමට බොහෝ දුරට හේතු වනු ඇත- රත්‍රන් හා මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන වල කැපීපෙනෙන වර්ධනයක් ඇති වේ- අධ්‍යාපන ආයතන හා එම ක්ෂේත්‍රයන් තුළ නොසන්සුන්තා යම් පමණකට ඇතිවේ. එසේම මෙම කාලය තුළ රටට අලුත් ආරංචි ලැබෙන කාලසීමාවක් වනු ඇත. දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකි- පවතින රජයට යහපත් කාලසීමාවකි- මෙම කාල සීමාව තුළ රටේ ආර්ථිකය වර්ධනය වන කාල සීමාවක් වනු ඇත- රජයට වාසිදායක වන අතර විපක්ෂය එතරම් බලවත් නොවනු ඇත. පාර්ලිමේන්තුව තුළ වාද විවාද අරබයා උණුසුම් බවක් දක්නට ලැබෙනු ඇත. අපේ රටට විදෙස් සහයෝගය හිමි වන කාලයකි- මෙම කාල සීමාව තුළ සාගරය ආශ්‍රත කැළඹීම් ඇති වේ. ඊට අමතරව ප්‍රබල රිය අනතුරු, මංකොල්ල කෑම් කර්මාන්ත ශාලා ආශ්‍රතව ගිනි ගැනීම්, වැනි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ද ඇති වීමේ ප්‍රවතාවයක් මෙම ග්‍රහ මාරු ආශ්‍රිතව පවතිනු ඇත- රට තුළ දේශගුණ විපර්යාශ හා නායයෑම් හා ගංවතුර තත්ත්වයන්ද ඇති වීමේ අවස්ථාවන් උදා වීමට හේතු වනු ඇත.

මේෂ

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමට මෙම කාලය සුබයි. දරුවන්ගේ ප්‍රශ්න හා ඒ සම්භන්ධ කටයුතු වල දී දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. තරග විභාගවලින් ජය හිමිවන කාලයකි- නඩු හබවලින් ජය ගත හැකිය- පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකි-

වෘෂභ

ඈත පළාත්වලට යෑමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණ ධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරු වලට ලක්විය හැකියි. සහෝදරයින්ට අසුබ වෙයි.

මිථුන

ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරිමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.

කටක

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දින වල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. එසේම ඔබ මෙම කාලයේ නොබියව ඉදිරියට යන කාල සීමාවකි- ඔබට මෙම කාලය මිශ්‍රඵල දායකවෙයි. තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය. ආගම දහමට සිත යොමුවේ. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත.

කන්‍යා

මෙතෙක් කාලයක් අඩාලව පැවත් යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබ දායක වනු ඇත. ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි-

තුලා

සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහජීවිතය තුළ වැයපක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතු වලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හේ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධද ඇතිවිය හැකියි.

වෘශ්චික

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී. නමුත් ඔබට ලොතරැයි වාසනාව හිමිය-

ධනු

ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.

මකර

සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.

කුම්භ

ඔබට මෙම කාලය මිශ්‍ර ඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇති වන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩිකැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.

මීන

මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශ වලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපත,ි 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල,
බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100
advertistmentadvertistment
advertistmentadvertistment