ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කඩිනම් ව්‍යාපෘති තුනක්

903


නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර ඉකුත් සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ.

නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදි සාකච්ඡා කොට තිබේ.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කොට ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසුවේ.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදි දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment