සමාගම ලාභ ලැබුවේ මා ඇමැති වුණාට පස්සේ – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

416

සීනි සමාගම නිවැරැදිව කළමනාකරණය කරනවා

‘‘ජානක වක්කුඹුර ඉන්නේ හරි පැත්තේ… මම කාගේවත් අතකොලුවක් වෙන්නේ නැහැ. මම කාටවත් යටවෙන්නෙත් නැහැ.

ගොවියාට සේවකයාට සාධාරණය කරන්න රජයේ කොටස ලබා

ගන්න මම මැදිහත් වෙනව. මම ඒක ක‍්‍රියාවට නංවන්න කටයුතු කරනවා. මේක 51% ක් කියන්නේ දැනටමත් රජයේ. මේක කාටවත් පෞද්ගලික අංශයට දීපු එකක් නොවෙයි. මේක ආයෙත් රජයට ගන්න උවමනාවක් නැහැ. පාලනය කරන්න වෙන කට්ටියකට දීල තිබුණ එක විතරයි’’ කුඩා වැවිලිභෝග ආශ‍්‍රිත අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ගල්ඔය වැවිලි සමාගමට අයත් හිඟුරාන සීනි කම්හලේ ඇතිවී ඇති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා,

ගල්ඔය සීනි සමාගම පිළිබඳව මේ වනවිට ඒ පැත්තේ මහා සංඝරත්නය අදහස් ප‍්‍රකාශ කරනව. හාමුදුරුවන් වහන්සේලට අපි ගෞරව කරනවා. මොන හේතුවක් නිසාවත් ගල්ඔය සීනි සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත්වෙන්නට මේ රජය ඉඩ තියන්නේ නැහැ. ඒක ලාභ ලබන ආයතනයක් බවට පත් කළේ වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපකෂ මහතාගේ රජය යටතේ කියන එක සඳහන් කළ යුතුයි.

එතනෝල් මේ රටට ගේන එක නතර කරල එතනෝල් මිල වැඩි කළාම තමයි මේ ආයතනය ලාභ ලැබුවේ. ඒ නිසා අද ලාභ ලබනවා. 2021 ලාභ ලැබුවේ මම මේ රටේ සීනි කර්මාන්ත ඇමැති වුණාට පස්සේ. ඒක හරි නියාමනයක් කරන්න මමත් මගේ අමාත්‍යාංශයත් වර්තමානයේ මම පත් කරන ලද සභාපති වරයාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් කටයුතු කළා. ඒ තුළ මිලියන 379 ක් වසර 14 කට පස්සේ රජයේ 51% කොටස අපි මේ අවුරුද්දේ ලබා ගන්න කටයුතු කළා. අවුරුදු 13 ක් එක ශත පහක්වත් රජයේ කොටස ලැබුණේ නැහැ. හැබැයි ගල්ඔය සීනි සමාගම අද මිලියන එකොළොස් දහසක් ණයයි. හැබැයි ණය දුන්නු අය ලක්ෂ හැත්තෑ හයදහසක් ඒ අය අරගෙන තියෙනවා. තව අවුරුදු 11 ක් ඉදිරියට මේ ණය ගෙවන්න ඕන. බිලියනය ගානේ ණය ගෙව්වොත් තමයි ඔය සීනි සමාගම ණය බරෙන් නිදහස් වෙන්නේ.

ඒ නිසා මේක හරි කළමනාකරණයක් කරන්න තමයි මම මැදිහත්වෙලා විගණාධිපතිවරයාගේ වාර්තාවත් එක්ක කෝප් කමිටුවට ගිහින් මේ කටයුතු කරන්නේ. මේක කඩාකප්පල් කරන්න කිසිම අදහසක් නැහැ. දැන් ඉන්න කණ්ඩායමත් සමග රජයේ 51% එක්ක අපි හරියට මේක කළමනාකරණය කරනවා හැරෙන්න වෙන කිසිවත් ඒ තුළ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඕමල්පේ – ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment