ශ‍්‍රී ලාංකිකයාගේ ඝාතකයා පසුපස සීෂෙල්ස් පොලිසිය ලුහුබඳී

340

සීෂෙල්ස් රාජ්‍යයේ ඉදිකිරීම් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයකු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ ගෙල සිරකර අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පින්නවලගේ දොන් හරීන්ද්‍ර නමැති හතළිස්හත් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.

සීෂෙල්ස් රාජ්‍යයේ ලාඩිගු ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ මොහු මෙලෙස අබිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් ඉකුත් 10 වැනිදා පෙරවරුවේ සිරුර සොයාගෙන ඇත.

ශ‍්‍රී ලාංකිකයාගේ ඝාතකයා පසුපස සීෂෙල්ස් පොලිසිය ලුහුබඳී

ඔහු සේවය කළ ඉදිකිරීම් සමාගමට දින 4ක් තිස්සේ නොපැමිණීම නිසා එම සමාගම හිමි ව්‍යාපාරිකයා ඒ පිළිබඳ සොයා බැලීමට ගොස් තිබේ. අහළ පහළ කිසිවකු නොසිටි නිසා එම ව්‍යාපාරිකයා එම නවාතැනේ කාමරයේ ජනේලයෙන් එබී බලා ඇති අතර සිය සේවකයා පිළිබඳ කිසිම තොරතුරක් නොවූ නිසා ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

පසුව පොලිසිය සිදුකළ පරික්‍ෂා කිරීම්වලදී මෙම ශ‍්‍රී ලාංකිකයාගේ මළසිරුර සොයාගෙන තිබේ. මෙය මිනිමැරුමක් යැයි පසුව පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධව සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ පිළිබඳ තවදුරටත් පරික්‍ෂණ සිදු කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමට උත්සාහ ගත්තත් වගකිවයුතු කිසිම නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ඒ සම්බන්ධයෙන් එක් නිලධාරියෙක් කියා සිටියේ ඒ පිළිබඳව කෙරෙන පරික්‍ෂණ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment