අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මතයි

65

විග්නේෂ්වරන් – වේළුකුමාර් ඡන්දයෙන් වැළකෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් මස 14 දා 2023 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලියේ තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම ඊයේ (08 දා) වැඩි ඡන්ද 43 කින් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 123 ක් සහ විරුද්ධව ඡන්ද 80 ක් ලැබිණ. අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, විමල්වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය සභාගැබෙහි සිටියේ නැත. සී. වී. විග්නේෂ්වරන් හා වේළුකුමාර් යන මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

කෙසේ වෙතත් ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, අලි සබි්‍ර රහීම්, එම්. රාජේෂ්වරන්, ජීවන් තොණ්ඩමන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙණින. ලංකා කම්කරු කොංග්‍රසයද අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදුකෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment