බොක්සිං සභාපති සටනින් අනුරුද්ධ ජය ගනී

164

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ වාර්ෂික මහා සභා වාරය සහිත නිලවරණයේදී අභිනව සභාපතිවරයා ලෙස අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා ද ලේකම් ධුරය සඳහා සමන් එන්. ගුණරත්න මහතා ද තෝරා පත් කර ගනු ලැබීය.

පෙරේදා (21) සවස පැවති නිලවරණයේ දී සභාපති ධුරය වෙනුවෙන් මෙන්ම ලේකම් ධුරය වෙනුවෙන් ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබීම කැපී පෙණුනි.

ප්‍රතිවාදී අපේක්ෂක වසන්ත කුමාර මහතාට වඩා වැඩි ඡන්ද 05 ක් ලබා ගනිමින් අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා සභාපති ධුරයට ද හේමන්ත වීරසිංහ මහතාට වඩා එක් වැඩි ඡන්දයක් සටහන් කර ගනිමින් සමන් එන්. ගුණරත්න මහතා ලේකම් ධුරයට ද පත් වීම කැපී පෙණුනි. සභාපති ධුරය වෙනුවෙන් සිදු කළ ඡන්ද විමසීමේ දී අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා ඡන්ද 10 ක් සටහන් කර ගන්නා අතර වාරයේ දී වසන්ත කුමාර මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 05 කි.

අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වූ ලේකම් ධුරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී සමන් එන්. ගුණරත්න මහතා ඡන්ද 08 ක් වාර්තා කර ගත්තේය. හේමන්ත වීරසිංහ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 07 කි.

උප සභාපති තනතුරු 02 ක් වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී එම්. උදය කුමාරතුංග මහතා (15) සහ එරික් පෙරේරා මහතා (09) ජය ගත් අතර චරිත් අබේසිංහ මහතාට හිමිවූ ඡන්ද ප්‍රමාණය 05 කි.

නව නිල මඬුල්ල

සභාපති: අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා

සම උප සභාපති: එම්. උදය කුමාරතුංග මහතා

එරික් පෙරේරා මහතා

ලේකම්: සමන් එන්. ගුණරත්න මහතා

උප ලේකම්: කසුන් අධිකාරී මහතා

භාණ්ඩාගාරික: පී.ජී. අමිල රන්දික දිසානායක මහතා

උප භාණ්ඩාගාරික: විනෝජ් දර්ශන ප්‍රේමචන්ද්‍ර මහතා

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment