සැබෑ වෙසක් සහ ප්‍රීති වෙසක්

431

ඉන්දියාවෙන් පහළ වී මුළුමහත් ලෝකයම ධර්මා ලෝකයෙන් ඒකාලෝක කළ බුදුන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණයට පත්වීම යන තුනම සිදු වූ දිනය ලෙස පිළිගන්නා වෙසක් දවස අදයි. මෙයට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙර භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් නිර්වාණය සාක්‍ෂාත් කර ගත් අවස්ථාවේදී උන්වහන්සේගේ මුවගට නැගුණු මද සිනහව නිසා මහ පොළොව රැලි ගැසී සසලවී යැයි කියනු ලැබේ. බුදුවරයකු සිනහ වෙන්නේ කලාතුරකිනි. එය පෙනෙන නොපෙනෙන තරම් වූ මද සිනහවකි. මේ මද සිනහව නිසා මහ පොළොව සැලේ. ඒ විභවය ඒ තරමටම බලසම්පන්නය. බුදුවරයකුගේ සිනහව මගින් නියෝජනය වන්නේ උන්වහන්සේ විසින් සාක්‍ෂාත් කරගනු ලැබූ ධර්මයේ බලයයි. බුදුවරු කිසිවිටෙකත් නොහඬති. කිසියම් කාරණයක් නිසා විශේෂ සතුටක් හෝ දුකක් බුදුවරුන් තුළ උපදින්නේ නැත. එහෙත් නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීමේ මොහොත කල්ප ලක්‍ෂ ගණනාවකට වරක් උදාවෙන විශේෂ අවස්ථාවකි. මේ අවස්ථාව බුදුවරයකු තුළින් විiමාන වන්නේ ඉතා තුනී වූද පෙනෙන නොපෙනෙන තරම් වූද මද සිනහවකිනි. ශ්‍රී ලංකාව අද වනවිට එහි පැවැති ගම්බද කැලෑ රාජ්‍ය ස්වරූපයෙන් එළියට විත් නවීන විiාත්මක රටක් බවට පත්වෙමින් තිබේ. නවීන විiාව පවතින තැන බුදුදහම ද පවතී. එයට හේතුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් වන නිසාය. කිසිම දෙයක් නොකරන ලෙස මේ පටිසෝතගාමී ධර්මය විසින් බලකරනු නොලැබේ. හොඳ කැමැති අයට හොඳත් නරක කැමැති අයට නරකත් කිරීමට නිදහස ඇත. එහෙත් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් නිරන්තරයෙන් දේශනා කරන ලද්දේ යහපත පමණක්ම ය. එයින් හැඟෙන්නේ නරකක් නොකළ යුතු බවය. ඕනෑම පවුකාරයකුට බුදුන් සහ දහම සරණ යෑමෙන් යහපත් මිනිසකු වීමේ අවස්ථාව භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් උදාකර දී තිබේ. බුදුන් වහන්සේගේ සිරුර මතට ගල් පෙරළා ලේ සෙලවීම කළ දේවදත්ත භික්‍ෂූන් වහන්සේ පවා අවසන් මොහොතේදී බුදුන් සරණ යෑමෙන් තම අනාගතය ගොඩදමා ගත්හ. දේවදත්ත භික්‍ෂුව ඇඳක තබාගෙන යද්දී එයින් බිමට බැස ගමන් කිරීමට යෑමෙන් මහ පොළොව දෙබෑවී අපායට ඇදගනු ලැබූහ. එහෙත් අවසන් මොහොතේදී උන්වහන්සේ බුදුන් සරණ යෑම නිසා මතු යම් දවසකදී පසේ බුදුවරයකු වන බව බුදුහු දේශනා කළහ. බෞද්ධ සාහිත්‍යයේ එන පරිදි දෙව්දත්හු අදටත් අපායේ ගිනිදැල්වල පැසෙමින් සිටිති. උන්වහන්සේ අපාගත වීමත් සමගම උන්වහන්සේගේ සිරුර යොදුන් 50ක් හෝ යොදුන් 80ක් පමණ ප්‍රසාරණය වූ නිසා නිරයේදී ලැබෙන වේදනාව ඉතා විශාලය. එහෙත් තවත් කල්ප කාලාන්තරයට පසු දෙව්දත්හු යළි මහ පොළොවේ ඉපිද එකල සිටි බුදුවරයකුගෙන් බණ අසා පසේ බුදුවරයකු වන බව බුදුහු දේශනා කර ඇත්තාහ.

බුදුදහම යනු ආධ්‍යාත්මික සම්පතකි. මේ නිසාම බුදුදහමේදී වඩාත් උචිත වන්නේ ප්‍රතිපත්ති පූජාව බව අපගේ හැඟීම වේ. එහෙත් ප්‍රතිපත්ති පූජාවෙන් බැහැරවී ආමිසය වඩවන බෞද්ධයන් කොටසක් පසුගිය කාලය මුළුල්ලේම නාගරික පන්සල්වල ජීවත් වූහ. මේ යූ ටියුබ් සාදුලා හැම කෙනෙක්ම ජනප්‍රිය බුද්ධාගමට හෙවත් ප්‍රීති වෙසක් බුද්ධාගමට නැඹුරු වූ අය වෙති. මේ කියන ප්‍රීති වෙසක් බුද්ධාගම්කාරයෝ බුදුදහම තනිකරම වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ඉන් නොනැවතී බුදුන් වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ පොතුහැර පැත්තේ උපන් බව කියති. මිගදාය, බුදුන් පිට දුන් ශ්‍රී මහ බෝධිය, බුදුන් සත් සතිය ගත කළ තැන්, අනෝමා ගඟ සහ නේරංජනා ගඟ යන සියල්ලම ඔව්හු පොතුහැර පැත්තේ ඇති බව කියති. මේ කතාව ඇත්ත වේවා බොරු වේවා ගොං කතාවකි. බුදුන් වහන්සේ කොහෙ උපන්නාම මොකද? අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ දහම පමණි. බුදුන් වහන්සේට අවශ්‍ය වූයේ ද තම නැඟී සිටීම නොව දහමෙහි නැඟී සිටීමය. බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව කීමෙන් එසේ කියන අය කුමක් අපේක්‍ෂා කරන්නේ දැයි අපි නොකියමු. මේ සීඅයිඒ කුමන්ත්‍රණයක් නොව ලංකාවේ සිටින මීගවයන් කිහිප දෙනකුගේ කුමන්ත්‍රණයකි. වයෝවෘද්ධ භික්‍ෂුවක ද තරුණ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් ද ශ්‍රාවකයන් රැසක් ද බුදුන් ලංකාවේ ඉපදීමේ රැල්ලට ගොදුරුවී සිටිති. අප අතීතයේ සිට අසා ඇත්තේ සෑම බුදුවරයකුම දඹදිව උපදින බවය. ඒ අනුව දඹදිව ද පොතුහැර පැත්තේ ඇති බව මේ මීහරක් රැළ කියති. අපගේ වැටහීමට අනුව බුදුදහමේ සැබෑ ස්වරූපය අනුගමනය කළේ ධර්මපාලතුමා ඇතුළු කිහිප දෙනෙක් පමණි. ප්‍රතිපත්ති පූජාව ගරු කරන වෙසක් උළෙල සැබෑ වෙසක් උළෙලක් ලෙස අපි දකිමු. වෙළෙඳාමට යොදා ගන්නා බුදුදහම අප දකින්නේ ප්‍රීති වෙසක් ලෙස ය.

advertistmentadvertistment
advertistmentadvertistment