පාර්ලිමේන්තු රැස්වීම මග හිටී

104

ගණපූරණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ඊයේ (22 දා) අතරමග නවතා ලබන මස (ජුනි) 04 දක්වා කල් තබනු ලැබීය.

විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදය පැවැත්වෙන අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා සභාවේ ගණපූරණය (මන්ත්‍රීවරු 20ක් නොමැති වීම) නොමැති බවට යෝජනා කළේය.

පසුව මූලාසනය විසින් ගණපූරණ සීනුව නාද කළ ද එම අවස්ථාව වන විටත් රැස්වීම පවත්වා ගැනීමට අවශ්‍ය තරමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොසිටි බැවින් සභාව කල් තබනු ලැබිණ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment