පිටරටින් එළවළු ගේනවා කීම පට්ටපල් බොරුවක් – ඇමැති අමරවීර

10

මෙරටට එළවළු පිටරටින් ගේනවා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත් මෙරට එළවළු විදේශයන් වෙත යවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.

මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා දේශීය අර්තාපල් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

කතාවක් යනවා අපි එළවළු පිටරටින් ගේනවා කියලා. බතල, කිරිඅල, මඤ්ඤොක්කා වගේ දේවලුත් ගේනවා කියලා. ඒත් ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි එළවළු කිසිවක් රටින් ගේන්නේ නෑ. අපේ එළවළු අපි රට යවනවා. අපේ සමාගම් තිබෙනවා ඒවායින් යවනවා. නමුත් අර්තාපල් සහ බී ලූනු පමණක් පිටරටින් ගෙන්වනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment