පදියතලාවේ පොලිස් ස්ථානාධිපතිට මෝල්ගස් පහරදුන් ලාන්ස් කෝප්‍රල්ට ඇප

108

තම විවාහක බිරිඳ සමග අනියම් ඇසුරකට පැමිණි පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිට පසුගිය 04 වැනිදා මෝල් ගසකින් පහර දී බන්ධනාගාරගතව සිටි දියතලාව හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්ට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් එච්. එම්. ප්‍රියන්ත බංඩාර හල්යාල මහතා ඊයේ (22) දහවල් ඇප ලබාදීමට නියෝග කළේය.

මෝල් ගස් පහරින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිසියේ ස්ථානාධිපති බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට ඇතුල් කර ඇත. මේ අවස්ථාවේදීම පහර කෑමට ලක්ව මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලාන්ස් කෝප්‍රල්ගේ බිරිඳ මේ වනවිට නිවෙසට පැමිණ ඇත.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment