හැව්ලොක්ස් නාවික හමුදා ගැටුම අද

39

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන රග්බි

තරග 28 කින් සැදුම්ලත් වන ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළමු වටයේ නිමාව ඉරිදා සිදු කෙරෙන අතර එහිදී මහනුවර සමාජය සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. සමාජය තරග වදියි.

මෙතෙක් මුහුණ දුන් සියලුම තරග ජය ගැනීමට මහනුවර සමාජය මෙන්ම සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සමත් වී සිටීම හේතුවෙන් මෙම තරගය වැඩි අවධානයකට ලක්වී ඇත.

මෙවර තරග මාලාවේ ‘කුසලාන’ ශූරයන් තීරණය කෙරන දෙවන වටය හෙවත් සුපිරි කණ්ඩායම් 04 අතර සටන සඳහා මහනුවර සහ සී. ආර්. යන දෙපිල දැනටමත් සුදුසුකම් ලබා සිටියි. මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු තරග ආශ්‍රිතව වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාව වාර්තා කිරීමට සී.ආර්. සමාජයේ ලසිඳු කරුණාතිලක (06) සමත් වී සිටින අතර පොලිසියේ හිරන්ත පෙරේරා (05), යුද්ධ හමුදාවේ අශාන් බණ්ඩාර (05) සහ ලසන්ත කුමාර (05) බැගින් සටහන් කිරීමට සමත් වූහ.

ඉහළම පෞද්ගලික ලකුණු රැස් කිරීමේ ගෞරවය සී.ආර්. පිලේ තෙනුක නානායක්කාර (51) හිමිකර ගන්නා අතර වාරයේ දී මහනුවර සමාජයේ තරින්ද රත්වත්තේ (47) සහ සී.එච්. පිලේ හිරූෂ නෙත්මිණ (47) දෙවන ස්ථානයේ පසු වෙති.

මේ සති අන්තයේ තරග සැළසුම

සිකුරාදා (19)

හැව්ලොක්ස් පිල සහ නාවික හමුදාව අතර හැව්ලොක්ස් පිටියේ දී

සෙනසුරාදා (20)

යුද්ධ හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල අතර පනාගොඩ දී
ගුවන් හමුදාව සහ පොලිසිය අතර බම්බලපිටියේ දී

ඉරිදා (21)

මහනුවර සමාජය සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල අතර නිත්තවෙල දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment