විස්සේ කුසලානය වැස්සෙන් සමව බෙදෙයි

340

එන්සීසී ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා කණ්ඩායම අතර ඊයේ (12 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත කුසලානය කණ්ඩායම් දෙක අතර සමව බෙදී ගියේය.

විස්සේ කුසලානය වැස්සෙන් සමව බෙදෙයි

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයේ එක් පන්දුවක්වත් ක්‍රියාත්මක කිරීමට වර්ෂාවෙන් අවසර හිමි නොවිණි.

ඒ අනුව 2023 අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙස කිරුළු පැළඳීමට අකිල ධනංජයගේ නායකත්වයෙන් යුත් කෝල්ට්ස් ක්‍රීඩා කණ්ඩායම සහ නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වයෙන් යුත් එන්.සී.සී. කණ්ඩායම සමත් විය.

තරගාවලියේ වීරයා ලෙස මුවර්ස් ක්‍රීඩා සමාජයේ ලහිරු සමරකෝන් සම්මාන ලැබූ අතර හොඳම පිතිකරු ලෙස එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ උපුල් තරංගත් හොඳම පන්දු යවන්නා ලෙස කෝල්ට්ස් කණ්ඩායමේ ලහිරු මධුසංඛත් සම්මාන ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment