අනතුරට පත් නැවේ සිටි 76දෙනෙක් යාපනයේ අය

552

වියට්නාමයේ දී අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් අතරින් 76දෙනකු යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම නැවේ සිටි මගීන් 303 දෙනාම ශ්‍රී ලාංකිකයන් බවට හඳුනා ගෙන ඇති අතර ඔවුහු දිවයිනේ විවිධ පළාත්වල පදිංචිකරුවෝ වෙති.

මේ පිරිස මැලේසියාව දක්වා ගුවනින් ගොස් වෙනත් රටක ගමනාන්තය දක්වා යෑමට මෙම නෞකාවට ගොඩ වී ඇති අතර එම නැවට ගොඩවීමට පෙර තැරැව්කරුවන්ට මුදල් ගෙවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මේ වන විට නැවේ සිටි සියලුම දෙනා වියට්නාමය වෙත රැගෙන ගොස් තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment